ප්‍රශ්නය : සිත නැති බඹලොව පිළිබඳ අප අසා තිබෙනවා. අපේ ජීවිතය පවතින්නෙ සිතත් කයත් නිසා. මේ
කියන බඹලොව බ්‍රහ්මයෝ සිතක් නැතිව පවතින්නේ කොහොමද?
පිළිතුර
: අබුද්ධෝත්පාද කාලවල දිවැස් නුවණ පාවිච්චි
කරන ධ්‍යානලාභී තාපසවරු දෙව්ලොව බඹලොව පිළිබඳ සොයල බලන කොට අසඤ්ඤ තලය බොහොම
දීර්ඝායුෂ බැවින් ඒ ඇත්තෝ හිතනව ඒක සදාකාලික සුවයක් කියල. ඒ වගේම එම ධ්‍යානලාභී
තාපසවරු කල්පනා කරනව මේ දුක් සියල්ල ම ඇති වෙන්නෙ සිතටයි... ඒ නිසා සිත නිරුද්ධ
කරල සදාකාලික සුවයක් විඳින්න පුළුවන් අසඤ්ඤ තලයට ගිහිං කියල. වායෝ කසිණ සමාපත්තිය
වඩල චතුර්ථ ධ්‍යානය උපදවල එය වශී කරගෙන සංඥා විරාග භාවනාවක් වඩනවා. සිතට නිග්‍රහ
කරමින් සිත නිරුද්ධ කරන්න අධිෂ්ඨාන කරනවා. මේ චතුර්ථ ධ්‍යානය කියන එක මහා බලගතු ධ්‍යානයක්.
ඒකට කියන්නෙ අධි චිත්තය කියලනෙ. ඒ චතුර්ථ ධ්‍යානයට සමවැදිල එයින් නැගිටල
සිත නිරුද්ධ කරන්න අධිෂ්ඨාන කරනවා. නැවත චතුර්ථ ධ්‍යානයට සමවදින්න ඒ අය සමර්ථ
වෙනවා. අභිඥා බලයකින් යම් යම් දේ මවාපාන්න වගේ මේ සිත නිරුද්ධ කරල ඒ අයට පැය ගණන්,
වරු ගණන් ඉන්න පුළුවන් වෙනවා.