පාලි සාහිත්‍යයේ ග්‍රන්ථ පිළිබඳ ධුරාවලියක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව වශයෙන් ගන්ධවංසය පැසසිය යුත්තකි. පාලි භාෂාවෙන් රචනා වී තිබූ ග්‍රන්ථයන්හි කර්තෘත්වය අරමුණු ආදිය සහිත පරිපූර්ණ විවරණයක් මෙහි විම වෙසෙසා වැදගත් වෙයි. එසේ ම පාලි වංසකථා සාහිත්‍යයෙහි ලා මෑතකාලීන ව රචනා වූ වංසකථාවක් වීම ද ගන්ධවංසයෙහි වටිනාකම තවත් වැඩි කරයි. එසේ වුවත් යම් කරුණු සම්බන්ධයෙන් කතුවරයාගේ නො දැනීම හා අවිචාරශීලීත්වය ප්‍රකට ව පැනෙයි. බුරුම සම්ප්‍රදාය විසින් වරදවා සම්ප්‍රේෂණය කළ ඓතිහාසික තොරතුරු නිසාවෙන් එසේ වූ හ යි නිගමනය කළ හැකි ය. කෙසේ වෙතත් එහි ප්‍රතිඵලය වී ඇත්තේ විසඳා ගත යුතු සංශයස්ථාන බොහොමයක් කෘතියෙහි පරිශිෂ්ට වීම යි. කෘතියේ යොදා ගත් භාෂාව පිළිබඳ කථා කරන විට කතුවරයාගේ පාලිභාෂාඥානයේ පරිඥානයේ ප්‍රාමාණිකත්වය ඉතා අඩු මට්ටමක පවතින බව කිව යුතු ය. උක්තාඛ්‍යාත සම්බන්ධයෙන් සාවද්‍යතා, විභක්තිරූපයන්ගේ සාවද්‍ය යෝජනය, කාරකවිභක්තිප්‍රයෝග නිවැරදි ව භාවිත නො වීම ආදි දුර්වලතා ඒ අතර වේ. කෘතියේ ආකෘතික ලක්ෂණ සම්බන්ධයෙන් සලකා බලන විට ගද්‍යමය ආකෘතියකට වඩා සමීප වුවත්, තැනින් තැන පද්‍යඛණ්ඩ ද නො දක්නා ම නො වේ. ඒවා බොහෝ විට ව්‍යක්ත ස්වරූපයෙන් ගිලිහී ඇත.
Aug 9, 2016
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment