Aug 14, 2016

භාෂාත්මක අවබෝධය බෞද්ධ විමුක්තිවිභාගය හා සම්බන්ධ තාර්කික කාරණාවක් ද?




සැබැවින් ම මෙබඳු ගුණ සහිත බෞද්ධ ව්‍යාකරණය වූ කලි විමුක්ති විභාගය හා සම්බන්ධ තාර්කික කාරණාවකි. ඥානය එළිදරව් වීමේ ස්වරූපය ඉන් පිළිබිඹු කෙරෙයි. එතුළින් ලබන පරම නිෂ්ඨාව වූ කලි ඉෂ්ටාර්ථසිද්ධිය වෙත පැමිණීමක් හෝ ගමනක අවසානයක් හෝ නො ව, ඉතා ප්‍රබුද්ධ ගමනක ආරම්භය යි. විශේෂයෙන් ව්‍යාකරණ යයි නූතනයේ හඳුනා ගැනෙන කෘත්‍රිම ව්‍යුහගත සංකල්ප වෙනුවට මෙබඳු විභාගාත්මක ක්‍රමවේදයන් ඔස්සේ ව්‍යාප්ත කළ නව සඞ්කල්පීය අර්ථකථන රාශියක් නිකායාගත මූලාශ්‍රය තුළින් හඳුනා ගත හැක. සාම්ප්‍රදායික නිරුක්ති විග්‍රහ සීමා පුළුල් කිරීමට භාවිත මෙ අධිවචනපථය ඉවහල් වේ. එතුළින් එක් වචනයක් හෝ එක් සඞ්කල්පයක් මත රැඳුණු අන්තවාදී ග්‍රහණයෙන් මිදීමට කුශලගවේෂකයාට ඉඩකඩ සලසා දෙයි. එතුළින් බුදු දහම සියලු භාෂාත්මක වටිනාකම් විමුක්තිය කරා යොමු කරවමින් සූත්‍රාගත භාෂා දර්ශනයට වාග්විද්‍යනුකූල පදනමක් නිර්මාණය කර ගැනීමට සමත් ව තිබේ. එය සූත්‍රාර්ථයන්ගේ ප්‍රකෘතිමත් බව රැකීම පිණිස ඉවහල් වන ඒකායන මාර්ගය වේ. යමෙක් තුන් පිටකය දන්නේ වී නමුත්, ව්‍යාකරණය නො දනී නම් හෙ අන්ධ හස්තියෙකු පියවරෙන් පියවර පැකිළෙන්නාක් මෙන් පදයෙන් පදය අර්ථමය වශයෙන් ගැටෙන බව සාරත්ථවිලාසිනියෙහි දැක්වේ.

SEE PDF : Atthabyañjana


දිලාන් පංචන ජයසිංහ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය


1 comment: