.
.

May 6, 2020

අනුලෝම-පටිලෝම සූවිසි ගුණ මනසිකාරය හා සීලානුස්සතිය


අරහං - සම්මාසම්බුද්ධෝ - විජ්ජාචරණසම්පන්නො - සුගතො - ලොකවිදූ - අනුත්තරොපුරිසදම්මසාරථී - සත්ථාදෙවමනුස්සානං - බුද්ධො - භගවා - ස්වාක්ඛාතො - සන්දිට්ඨිකො - අකාලිකො - එහිපස්සිකො - ඕපනයිකො - පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි - සුපටිපන්නො - උජුපටිපන්නො - ඤායපටිපන්නො - සාමීචිපටිපන්නො - ආහුනෙය්‍යා - පාහුනෙය්‍යා - දක්ඛිණෙය්‍යො - අඤ්ජලිකරණීයො - අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස - අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස - අඤ්ජලිකරණීයො - දක්ඛිණෙය්‍යො - පාහුනෙය්‍යො - ආහුනෙය්‍යො - සාමීචිපටිපන්නො - ඤායපටිපන්නො - උජුපටිපන්නො - සුපටිපන්නො - පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි - ඕපනයිකො - එහිපස්සිකො - අකාලිකො - සන්දිට්ඨිකො - ස්වාක්ඛාතො - භගවා - බුද්ධො - සත්ථාදෙවමනුස්සානං - අනුත්තරොපුරිසදම්මසාරථී - ලොකවිදූ - සුගතො - විජ්ජාචරණසම්පන්නො - සම්මාසම්බුද්ධො - අරහං.

May 2, 2020

නිරබ්බුද ශාසනයෙහි අර්බුද ඇති කළ වීතික්කම දෝෂ - සතර ආසවට්ඨානීය ධර්ම



ආසවට්ඨානීය ධර්ම යනු සසුන පිරිහෙන කරුණු ය. දොළොස්වන වස් කාලය වේරඤ්ජාවෙහි වැඩ වසන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙන සැරියුත් මහරහතන් වහන්සේ මෙබඳු පැනයක් විමසන ලදි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කවර බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී වී ද, කවර බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී නො වී ද? සැරියුත් තෙරුන්ගේ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වූයේ විපස්සී, සිඛී, වෙස්සභු යන බුදුවරයන් වහන්සේලාගේ ශාසනය බොහෝ කල් නො පැවතුණු බවත්, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරයන් වහන්සේලාගේ ශාසනය බොහෝ කල් පැවතුණු බවත් ය. එසේ වන්නට හේතු කාරණා කවරේ දැ'යි විමසා සිටින සැරියුත් තෙරණුවන් හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

බෞද්ධ දේශපාලන දර්ශනය : වැදගත් කරුණු 12 ක්...



සංයුක්ත නිකායේ රජ්ජ සූත්‍රය, අඞ්ගුත්තර නිකායේ ධම්මරාජ සූත්‍රය, දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය, දීඝනිකායේ චක්කවත්තිසීහනාද සූත්‍රය, දීඝනිකායේ කූටදන්ත සූත්‍රය, අඞ්ගුත්තර නිකායේ අධම්මික සූත්‍රය, ජාතකපාළියේ මහාහංස ජාතකය, ජාතකපාළියේ තේසකුණ ජාතකය, දීඝනිකායේ මහාපරිනිබ්බාන සූත්‍රය, අඞ්ගුත්තර නිකායේ අගති හා නාගති සූත්‍ර, අඞ්ගුත්තරනිකායේ සඞ්ගහවත්ථු සූත්‍රය යනාදි සූත්‍රාන්ත හා ජාතක දේශනා තුළින් ප්‍රකට කෙරෙන බෞද්ධ දේශපාලන චින්තාව පිළිබඳ මූලික කාරණා දොළසක් මෙම ලිපියෙහි ඇතුළත් ය. මේ පිළිබඳ ව අධ්‍යයන කටයුතුවල නියැලෙන ගුරු සිසු සැමගේ ප්‍රයෝජනය පිණිස මෙම සටහන සකස් කර තිබේ.

Apr 17, 2020

ගෞතම බුදුන් වහන්සේගේ වංශය (1 ලිපිය) - "කපිලවත්ථුව හා ශාක්‍යයෝ"

ගෞතම බුදුරජාණන් වහන්සේගේ කුලවංශ පරම්පරාව පිළිබඳ පාලි මූලාශ්‍රයාගත ඓතිහාසික තොරතුරු විමර්ශනය කිරීම මෙම ලිපි මාලාවේ අරමුණ යි. එහි පළමු ලිපිය "කපිලවත්ථුව හා ශාක්‍යයෝ" යන ශීර්ෂය යටතේ ඉදිරිපත් කර ඇත. පහත සබැඳිය ඔස්සේ මෙම ලිපිය ඇතුළත් PDF ගොනුව බාගත කරගැනීමට පුළුවන.

Jan 24, 2017

නො පෙනෙන ලොව සැබෑ තතු (05 කොටස) "කය මිස සිත නැති බඹලොව"




ප්‍රශ්නය : සිත නැති බඹලොව පිළිබඳ අප අසා තිබෙනවා. අපේ ජීවිතය පවතින්නෙ සිතත් කයත් නිසා. මේ කියන බඹලොව බ්‍රහ්මයෝ සිතක් නැතිව පවතින්නේ කොහොමද?

පිළිතුර : අබුද්ධෝත්පාද කාලවල දිවැස් නුවණ පාවිච්චි කරන ධ්‍යානලාභී තාපසවරු දෙව්ලොව බඹලොව පිළිබඳ සොයල බලන කොට අසඤ්ඤ තලය බොහොම දීර්ඝායුෂ බැවින් ඒ ඇත්තෝ හිතනව ඒක සදාකාලික සුවයක් කියල. ඒ වගේම එම ධ්‍යානලාභී තාපසවරු කල්පනා කරනව මේ දුක් සියල්ල ම ඇති වෙන්නෙ සිතටයි... ඒ නිසා සිත නිරුද්ධ කරල සදාකාලික සුවයක් විඳින්න පුළුවන් අසඤ්ඤ තලයට ගිහිං කියල. වායෝ කසිණ සමාපත්තිය වඩල චතුර්ථ ධ්‍යානය උපදවල එය වශී කරගෙන සංඥා විරාග භාවනාවක් වඩනවා. සිතට නිග්‍රහ කරමින් සිත නිරුද්ධ කරන්න අධිෂ්ඨාන කරනවා. මේ චතුර්ථ ධ්‍යානය කියන එක මහා බලගතු ධ්‍යානයක්. ඒකට කියන්නෙ අධි චිත්තය කියලනෙ. ඒ චතුර්ථ ධ්‍යානයට සමවැදිල එයින් නැගිටල සිත නිරුද්ධ කරන්න අධිෂ්ඨාන කරනවා. නැවත චතුර්ථ ධ්‍යානයට සමවදින්න ඒ අය සමර්ථ වෙනවා. අභිඥා බලයකින් යම් යම් දේ මවාපාන්න වගේ මේ සිත නිරුද්ධ කරල ඒ අයට පැය ගණන්, වරු ගණන් ඉන්න පුළුවන් වෙනවා.

තිසරණයෙහි නිවැරදි ව පිහිටන්නේ කෙසේ ද?




තිසරණය යන වචනයේ තේරුම පිහිටවල් තුන ය යනු යි. යම් කිසි වස්තුවකින් හෝ පුද්ගලයෙකු විසින් හෝ සත්ත්වයන් හට පැමිණියා වූ ද, මතු පැමිණෙන්නට ඇත්තා වූ ද දුක් දුරු කිරීම හෝ සැපය ඇති කර දීම හෝ දෙක ම හෝ සිදු කරනු ලැබේ නම් ඒ වස්තුවට ද පුද්ගලයාට ද පිහිට යයි කියනු ලැබේ. සාදුක නැති කිරීමෙන් හා ශක්තිය ගෙන දීමෙන් ද ආහාරය අපට පිහිට වේ. අව් සුළං වැසි ආදියෙන් වන දුක් දුරු කිරීමෙන් ගෙය මිනිසාට පිහිට වේ. එක් පුද්ගලයෙකුට පිහිට වන දේවල් මහා සමූහයක් ඇත්තේ ය. මා පිය නෑ මිතුරු ආදි පිහිට වන පුද්ගල සමූහයක් ද ඇත්තාහ. ඒ සියලු ම වස්තූන්ගෙන් හා පුද්ගලයන්ගෙන් ලැබෙන උපකාරයන්ට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් උපකාර වන්නා වූ උතුම් පිහිට තුනක් අපට ඇත්තේය. එනම්, බුද්ධ, ධම්ම, සඞ්ඝ යන මේ රත්න තුන ය. බුද්ධාගම්කාරයන් විසින් තිසරණය යි සලකනු ලබන්නේ ඒ රත්න තුන ය. සත්ත්වයන්ට මාපියාදීන් පිහිට වන්නේ එක් ජාතියක් පිළිබඳ සැප දුක්වලට පමණෙකි. බුද්ධාදී රත්නත්‍රය වනාහි සතර අපායේ ඉපිද ලැබිය යුතු සියලු දුක් දුරු කර ගැනීමට ද, ජාති ජරා ව්‍යාධි මරණාදි සංසාරික දුක්ඛයන් දුරු කර ගැනීමට ද, මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත් හා ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට ද සත්ත්වයනට පිහිට වේ. එබැවින් ඒ බුද්ධාදි රත්නත්‍රය ම සත්ත්වයන්ගේ උතුම් පිහිට තුන වන්නේය.