"අසප්පුරිසොති ලාමකපුරිසො" අසත්පුරුෂයා නම් ලාමක පුරුෂයා යි; "සප්පුරිසොති
උත්තමපුරිසො" සත්පුරුෂයා නම් උත්තම පුරුෂයා යි පඤ්චප්පකරණට්ඨකථාවේ
පුග්ගලපඤ්ඤත්තිවර්ණනාවේ චතුක්කනිද්දේසයෙහි දැක්වේ. තමා කරන ලද්දෙහි ද දුසිල්
බවින් යුතු ලාමක පුරුෂයා සෙස්සන් ද ඒ අසත්පුරුෂ ධර්මයෙහි සමාදන් කරවයි. තමා විසින්
කරන ලද්දෙහි සුසීල්‍ය ගුණයෙන් හෙබි උත්තමපුරුෂයා සෙස්සන් ද ඒ සත්පුරුෂ ධර්මයෙහි
සමාදන් කරවයි. සත්පුරුෂයන් නො දක්නා සුලු, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ, සත්පුරුෂ
ධර්මයෙහි නො හික්මුණු පුද්ගලයා අශ්‍රැතවත් පෘථග්ජනයෙකු ලෙසත්, සත්පුරුෂයන්
දක්නා සුලු, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි මොනොවට හික්මෙන පුද්ගලයා ශ්‍රැතවත්
ආර්යශ්‍රාවකයෙකු ලෙසත් මජ්ඣිමනිකායේ සබ්බාසව සූත්‍රයෙහි දැක්වේ.
එබඳු අසත්පුරුෂයාට විඝාත පරිළාහ යයි කියන ලද (විනාශක පරිදහන හෙවත් වෙහෙසකර
හා දැවිලි සහිත) නූපන් ආශ්‍රවයෝ ද උපදිති; උපන් ආශ්‍රවයෝ ද වැඩෙති. සත්පුරුෂයාට
නූපන් ආශ්‍රවයෝ නූපදිති; උපන් ආශ්‍රවයෝ ද ප්‍රහීණ වෙති. එබැවින් මේ සත්පුරුෂ
සංසේවය ප්‍රඥාව වැඩි දියුණු කරන අංගයක් වශයෙන්, මනුෂ්‍ය ප්‍රතිලාභය ලැබූවන්ට බොහෝ
උපකාර පිණිස පවතින්නක් වශයෙන් අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ
ආපත්තිභයවග්ගයේ විස්තර වේ. මෙහි දැක්වෙන්නේ අසත්පුරුෂයා හා අසත්පුරුෂ ධර්මය පිළිබඳවත්,
සත්පුරුෂයා හා සත්පුරුෂ ධර්මය පිළිබඳවත් මජ්ඣිමනිකායේ උපරිපණ්ණාසකයේ
දේවදහවග්ගයේ චූළපුණ්ණම සූත්‍රාන්තය ආශ්රයෙන් කෙරෙන විග්රහයකි.
Sep 12, 2016
Sep 6, 2016
චූළකම්මවිභඞ්ග සූත්‍රයෙන් ප්‍රකට වන බෞද්ධ කර්ම සංකල්පය
භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහාසිටාණන්
විසින් කරවන ලද දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කල්හි තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ
පුත්‍රයා වූ සුභ නම් මාණවකයා දහම් කරුණක් විමැසීම සඳහා උන්වහන්සේ කරා
එළැඹියේ ය. එළැඹ බුදුරජාණන් වහන්සේ වෙත මේ පැනය ඉදිරිපත් කළේ ය.
"භාග්‍යවත් ශ්‍රමණ ගෞතම බුදුරජාණන් වහන්ස, කිසියම්
කරුණක් නිසා මනුෂ්‍යාත්මභාවය ලත් මිනිසුන්ගේ හීන-ප්‍රණීතභාවය (උස් පහත් බව) දක්නා ලැබෙයි.
ස්වාමීනි, එයට හේතුව කුමක් ද? ප්‍රත්‍ය කුමක් ද? භවත් ගෞතමයන් වහන්ස, අල්පායුෂ්ක
මනුෂ්‍යයෝ දක්නා ලැබෙති. දීර්ඝායුෂ්කයෝ දක්නා ලැබෙති. බොහෝ ආබාධ ඇත්තෝ දක්නා
ලැබෙති. අල්පාබාධයෝ දක්නා ලැබෙති. දුර්වර්ණයෝ දක්නා ලැබෙති. වර්ණවත් වූවෝ දක්නා
ලැබෙති. අල්පේශාක්යෙයෝ දක්නා ලැබෙති. මහේශාක්‍යයෝ දක්නා ලැබෙති. අල්පභෝග ඇත්තෝ
දක්නා ලැබෙති. මහාභෝග ඇත්තෝ දක්නා ලැබෙති. නීචකුලීනයෝ දක්නා ලැබෙති. උච්චාකුලීනයෝ
දක්නා ලැබෙති. දුෂ්ප්‍රාඥයෝ දක්නා ලැබෙති. ප්‍රඥාවන්තයෝ දක්නා ලැබෙති. භවත්
ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසන් බවට පැමිණි මිනිසුන්ගේ ම හීන ප්‍රණීත බව
දක්නා ලබෙත් ද, ඊට හේතු කවරේ ද? ප්‍රත්‍ය කවරේ ද?"
Labels:
බෞද්ධ කර්ම සංකල්පය
Subscribe to:
Posts (Atom)