Aug 19, 2016

"සං දේශනා" නමින් අමුතු බණක්... ලංකාවෙ ලු බුදුනුත් උපන්නෙ... "අහුවෙන්න එපා" ගෝතම හිමිගෙන් අවවාදයක්...




"බුද්ධකාලයෙත් ධර්මයට අමතර ව අධර්මය ප්‍රචාරය කරපු අය හිටිය. ඉතිං... අදත් ඉන්නව පිරිසක්. කිසි ම ප්‍රශ්නයක් නෑ මම සමහර වෙලාවට අපෙ සාකච්ඡාවෙදි නම්-ගම් කියල ම ස්වාමීන්වහන්සේලා ව අපි ගෞරවයෙන් වර්ණනා කරල තියෙනව. ඒ වගේ ම මේ යුගය තුළ මේ ධර්මය අහන ඇත්තො ධර්මයෙන් ඈත් වෙන්න හේතු වෙන යම් යම් බලවේග කිහිපයක් තියෙනවා මේ රටේ. ඒ බලවේග කිහිපය කියන්නට ඕන. එක හාමුදුරු කෙනෙක්... මෙයා ඇවිල්ලා ගිහි ගෙදර කරන්නට තියෙන ඒව ඔක්කොම කරල ඇවිල්ලා... වයසට ගිහිල්ල මේ මෑතක මහණ වෙච්ච කෙනෙක්. (වුඩ්ඪපබ්බජිතයෙක්) ලංකාවේ බුදුහාමුදුරුවො ඉපදුණා ය කියල අමුතු ම එයාගෙ බණක්, වැඩපිළිවෙලක් කියාගෙන යන කෙනෙක්. "සං" කියල දේශනා වගයක් පවත්වගෙන යනව.


අමුතු සං...... කියල... (නම්වලට අහුවෙන්න එපා) මීවනපලාන කියන ගමේ ඉපදිච්ච හාමුදුරුකෙනෙක්. (මීවනපලානේ සිරි ධම්මාලංකාර) දැන් මෙයා මේ ලංකාවෙ තමයි බුදුහාමුදුරුවො ඉපදුණේ කියන එයාගෙ පුද්ගලික මතයත් එක්ක මේ කරන විකෘති ධර්ම දේශනා...., මං දැක්ක ඌව පළාතට වැඩම කළාට පස්සෙ ඌව පළාතට අනන්‍ය වූ එක්තරා ගුවන්විදුලි නාලිකාවක සතිපතා යන ධර්මදේශනාවක් හදල දීල තියෙනව මේ හාමුදුරුවන්ට. මේ වගේ දැන් දැන් පළාත්වල තියෙන පොඩි පොඩි නාලිකා අල්ලගෙන යම් කිසි විදිහක ධර්ම ප්‍රචාරයක නැගිට නැගිට එන ගතියක් තියෙනව. එතකොට මේ විකෘති කරපු ධර්ම කරුණුවලටත්... දැන් එයාගෙ ගුරුවරයත් ඉන්නව. වහරක පැත්තෙ කියල කියන හාමුදුරුකෙනෙක්. (වහරක අභයරතනාලංකාර) මේ හාමුදුරුවරු දෙන්න ම එකතු වෙලා කරන, රට පුරා ම පතුරගෙන යන මේ අධර්මයට මිනිස්සු අන්ධ විදිහට අහුවෙනව. ඒකෙදි අහුවෙන එකක් තමයි මේ ගොල්ලන්ගෙ දානව අමුතු වැකි වගයක්. ඒ කියන්නෙ "හැංගිච්ච ධර්මයක්....! දුර්ලභ ව මතු කර ගත්ත දෙයක්....! අර්ථ-ධර්ම-නිරුක්ති-පටිභාන කියන සිව්පිළිසිඹියාපත් ලබා ගත්තු රහතන් වහන්සේලා මේ...." වගේ දේවල්... මේ රහතන් වහන්සේලා හැටියට පෙනී ඉඳිච්ච බණ කියන්න පුරුදු වුණු දෙතුන් දෙනෙක් ම ඉන්නව. ඒ එක්කෙනෙක්... "ඒ භාග්‍යවත් වූ අරහතන් වූ මහාමුනීන්ද්‍රයන් වහන්සේ කෙනෙක් ඉන්නව කොළඹ පැත්තෙ...." (පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර මහාමුනි) දැන් මේ කට්ටිය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අභියෝග කරන, ධර්ම කරුණු විකෘති කරපු අමුතු ම වැඩපිළිවෙලක දේශන කරගෙන යන්නෙ. (ඒ කියන්නෙ මේ දේශන ධර්ම-විනයට පටහැනි යි) මේ අධර්මයට අහිංසක මිනිස්සු, ධර්මය දන්නෙ නැති මිනිස්සු අහුවෙනව. ධර්මය දන්නැති අය අහුවෙනව කියල කියන්නෙ එයාලට නිකං අතන මොකක් හරි එකක් (අමුත්තක්?) "හරියට හරිනෙ!" කියල තේරෙන විදිහට අහු වෙලා. සමහර වෙලාවට ඒකට ඇබ්බැහි වෙච්ච පිරිසක් ඉන්නව... මං කිව්වනෙ "සං" කියල කට්ටියක්... ඔය කට්ටියගෙ තියෙනව සිංහල වචන යි පාලි වචන යි ඔක්කො ම එකට මිශ්‍ර කරගෙන අර්ථකථන දෙන ස්වභාවයක්, "නිරුක්ති දෙනව" යි කියල. දැන් පටිච්චසමුප්පාද - පටි+ඉච්ඡ/සං(ම)-උප්පාද කියල. දැන් මේ සත්තුන්ගෙ නම්වලට පවා අමුතු අමුතු අර්ථකථන නිරුක්ති දෙන්න යනව. අපි ඉංගිරීසි භාෂාවෙ වචනවලට කොහොම ද නිකං කෑල්ලකට සිංහල තේරුම යි කෑල්ලකට පාලි තේරුම යි කෑල්ලකට ඉංගිලීසි තේරුම යි ඔක්කොම දාල ඒ ඉංගිරීසි වචනෙ තේරුම මෙන්න මේක යි අපි කිව්වොත් එහෙම? (කොහොමද?) ආං.... ඒ වගේ.... ඒ දේශනා දිහා බලන මිනිස්සු... "හාං... දැන්නෙ දන්නෙ මේකෙ තේරුම!" ඒ කියන්නෙ මිනිස්සු මේ අමුත්තක් ද හොයන්නෙ? මිනිස්සු වෙනසක් නෙ හැමතිස්සෙ ම හොයන්නෙ. වෙනසක් කරන්න ගිහිල්ල ධර්මයෙනුත් ඈත් වෙන්න වෙන්නෙ. හැමදාම මේ වෙනසක් කරන්න යන අය අනාගන්නව. ධර්මය තුළත් ඒක යි වෙලා තියෙන්නෙ. ඇයි දැන් මේ මිනිස්සුන්ට... ත්‍රිපිටකය කියල එකක් තියෙනව. ත්‍රිපිටකය ගැන අපි පොඩි කාලෙ ඉඳල අහල තියෙනව... මේ ත්‍රිපිටකයේ නැති නිකං... "අමුතු එකක්" තිබුණ නං හොඳ යි කියල ගත්තු පිරිසක් ඉන්නව. මේවා මං කරුණු වශයෙන් මේ වෙලාවේ එකින් එක කියන්න යන්නෑ. ඊට පස්සෙ මිනිස්සු ඔය කරුණු හොය හොයා යන හින්ද. මේක මෙහෙම කියන්නෙ "අහුවෙන්න එපා!" කියන එක කියන්න යි. හැබැයි කාට හරි මෙහෙම හිතෙනව නං... හාමුදුරුවො ඔය නිකං කිව්වට බලන්නකො මේක මේ හරියට ම හරිනෙ කියල කාට හරි හිතෙනව නං... (අපේ හාමුදුරුවරු උන්වහන්සේලාගෙ දේශනාවල දි අවශ්‍ය මූලාශ්‍රය කියනව... මේ තැන මේ දේශනාව මේ විදිහට සඳහන් වෙනව යි කියල.) මෙතන වෙලා තියෙන්නෙ මූලාශ්‍රය කෙරෙහි තියෙන විශ්වාසය ඉස්සෙල්ලාම නැති කරනව මේ කට්ටිය. මං කිව්ව වහරක පැත්තෙ හාමුදුරුවො යි මීවනපලානෙ පැත්තෙ හාමුදුරුවො යි ඔය දෙන්න ම කරන්නෙ මූලාශ්‍රය කෙරෙහි තියෙන විශ්වාසය නැති කරනව, කොතනින් ද? "මේ ත්‍රිපිටකය බොරු" කියල කියනව. එතකොට දැන් මෙයාලට කොහෙන්ද අවබෝධය ලැබෙන්නෙ? එයාල කියනව එයාල අතීතෙට ගිහිල්ල පුබ්බේනිවාසානුස්සති වගේ ඥානවලින්... බුදුහාමුදුරුවො කියපුව අහගෙන ඉඳල කියනව යි කියල. අන්න එතකොට ඔය ඔක්කොම බොරු... මේ අපිට තමයි අවබෝධය තියෙන්නෙ... රහතන් වහන්සේලා යි කිව්වට පස්සෙ... අර්ථ-ධර්ම-නිරුක්ති-පටිභාන වැටහෙනව යි කිව්වට පස්සෙ අහිංසක මිනිස්සු එතනින් එහාට මූලාශ්‍රය ගණන් ගන්නෙ නෑ. එතන තියෙන විශ්වාස කැඩුව යි කියල කියන්නෙ ඊට පස්සෙ තමන්ගෙ මතයට ඉඩ හදාගත්ත කියන එක යි. ඒ නිසා සිහිපත් කරනව මේ වෙලාවෙ කාට හරි කෙනෙකුට අදහසක් තියෙනව නං... අනේ! හාමුදුරුවනේ... ඒක ද හරි? මේක ද හරි? කියල හිතාගන්න බැරි චකිතෙක මං ඉන්නව කියල මං ඕන වෙලාවක ආරාධනා කරනව ඇවිල්ල අපි ව මුණ ගැහෙන්න අවස්ථාව තියෙනව ස්වාමීන්වහන්ස, මේ දේශනාවෙ මෙන්න මෙහෙම කියනව අසුවල් හාමුදුරුවෝ... මේක අපට තේරෙන්නෙ නෑ කොහොම ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියල? හැබැයි කවුරුත් ඇවිල්ල මගෙන් අහන්නෙපා ඔබවහන්සෙ හිතන්නෙ මොනව ද මේ ගැන? කියල... ඒක වැඩක් නෑනෙ. ගෝතම හාමුදුරුවන්ගෙ මතය වැඩක් නෑ... හාමුදුරුවනේ අර වහරක හාමුදුරුවො මෙහෙම කියනව, ඔබවහන්සේ මොනව ද කියන්නෙ මේ ගැන.... අර දෙහිවල ඉන්න මහාමුනීන්ද්‍රයන් වහන්සෙ මෙහෙම කියනව, ඔබවහන්සේ මොනව ද කියන්නෙ මේ ගැන? අපට පින්වත්නි, දෙහිවල ඉන්න මහාමුනීන්ද්‍රයන් වහන්සේ ය කියන වර්තමානයේ බුදු වුණා ය කියන ඒ හාමුදුරුවන්ගෙ අදහස වැඩකුත් නෑ... ගෝතම හාමුදුරුවන්ගෙ අදහස වැඩකුත් නෑ. අපට වැදගත් වෙන්නෙ අපි "බුද්ධං සරණං ගච්ඡාමි" කියල සරණ ගිය බුදුරජාණන් වහන්සේගෙ ධර්මය. අපි "ධම්මං සරණං ගච්ඡාමි" කියල ධර්මයක් සරණ යනව නම් ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මය; අපි ඒ ධර්මයට අනුව ගළපල බලන්න ඕන. කවුරු කිව්වත් මේ දේශනය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැළපෙනව නං විතර යි පිළිගන්න ඕන. ඒ නිසා අපි මේ කාරණා බය නැති ව විශාරද ව කියන්නෙ වෙන මොකක්වත් හින්ද නෙමෙයි, සමස්ත ත්‍රිපිටකය පිළිබඳ ව ම වරක් දෙවරක් නෙවෙයි බොහෝ අධ්‍යයනයක් එක්ක මේ ගොල්ලො කියන්නෙ මොකක් ද කියල පැහැදිලි ව දන්න හින්ද. දැන් ඔය අපි හොඳට දැකල තියෙන එක දෙයක්... ඔය අධර්මධර පිරිසගෙ ඉන්නව ගෝලබාලයො ටිකක්. මේ අය හැමතැන ම ගිහිල්ල අහිංසක මිනිස්සුන්ගෙ ඔළුවලට දානව ඕගොල්ලො දැන් ඔය දන්න එක කියන්න බලන්න, මෙන්න අපේ එක. එතකොට මේ අහිංසක මිනිස්සු හරියට ධර්මයක් දන්නෙ නැතිකමට කටඋත්තර නැති වෙනව, ඊට පස්සෙ අරකට අහුවෙනව. (ඒක තමයි ඇත්ත කියල හිතනව) අපිත් එක්ක එන්නෑ ඒ කවුරුවත්. ඔය සං දේශන තියන උදවියගෙන් ගෝතම හාමුදුරුවො එක්ක කතා කරන්න එන්නෑ කවුරුත්. ඤාණදීප හාමුදුරුවො එක්ක කතා කරන්න එන්නෑ කවුරුත්. අපි ත්‍රිපිටකය ගැන, දේශනා ගැන දැනුමකට එහා ගිය අධ්‍යයනයක් එක්ක, කාලයක් තිස්සෙ මේවා ගැන අවබෝධ කරන්න මහන්සි අරගෙන මේව ගැන තේරුමක් බේරුමක් තියෙන හින්ද අපිත් එක්ක කතා කරන්න එන්නෙ නෑ. (අපි ගත්තු උත්සාහයන් තුළ සරල ක්‍රම, වෙනස් ක්‍රම, කෙටි ක්‍රම හමුවෙලා නෑ) "මට බුදුරජාණන් වහන්සේ හොයා ගත්තු මගට එහා එකක් හම්බුණොත් මම යි බුද්ධ. ඒ කියන්නේ උන්වහන්සේ බාලබුද්ධ. මම තමයි උසස් බුද්ධ. මොකද උන්වහන්සේගේ එකට වඩා එකක් මට හම්බෙලානෙ. ඇයි දෙයියනේ අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ මේක ආවෙ මගේ (පෞද්ගලික) වැඩ පිළිවෙලක් තිබිල නෙමෙයිනෙ. බුදුරජාණන් වහන්සේගෙ වැඩපිළිවෙල. එතකොට මේකට අපි අලුත් වැඩපිළිවෙලක් දෙන්න ඕන නෑ... නිකං මේ සරල එකක්... අලුත් එකක්... අලුත් නිරුක්තියක්..." ඒක මේ වෙලාවෙ ශ්‍රද්ධාවෙන් මෙත් සිතින් කියන්නෙ."

පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන්ද්‍රයන් වහන්සේ


60 comments:

  1. jayasinghe saha gothama (namatath awanambui) dennama ahaka yana kunu (noopan akusal upadawaagena) gaagaththu wagai. langadeema mahagedara gihin kalpa dekathunak indala enna.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ගරු ගෝතම ස්වාමීන් වහන්ස, ඔව් ඔබ වහන්සේ කියන දේ හරි මීවන පලානේ හා වහරකඩ උන්නාන්සේලා පිළිබඳව.
    ඉතින් ඇයි ඔබ වහන්සේලා ගිහින් ඒ බොරු කියන හාමුදුරුවරුන්ව ධර්මයෙන්, තර්කයෙන් පරාජය නොකරන්නේ..?
    එහෙම කලානම් ඔබ වහන්සේලාට සිව්පසයෙන් සංග්‍රහ කරණ මිනිසුන්, ඒ මිත්‍යාවෙන් මුදවා ගන්න පුළුවන්නේ ඔබ වහන්සේලාට,
    බුදු හිමියනුත් එහෙම කලානේ ජම්බුජ ආජීවක වැනි නොයෙකුත් අයට.
    radio වල ඇවිත් ඔය කරන්නේ පාලුගෙයි වලන් බිදීමක් නේද?

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නේ ඒකයි.

      Delete
    2. මටත් කියන්න තියෙන්නේ ඒකයි.

      Delete
    3. එන එන හරකා එලව එලව ඉන්න ගියොත් අපිට නිවන් දකින්න තියෙන වේලාවයි අඩුවෙන්නේ. උඹලා හරක් බලා ගනිල්ලා. අපිට වැඩ තියෙනවා, මේක දැකලාවත් මොලේ පෑදුනොත් හරි ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේ කෙනෙක් ගැන මෙතනම අහපල්ලා. වෙන කවුරුත් ඕන නැහැ ගොතම ස්වාමින්වහන්සේ නිවැරදිම බුද්ධ ධර්මය සරලවම දේශනා කරනවා..

      Delete
    4. සංඝභේදය .මෙයා කෙලින්ම නිරයට

      Delete
  4. බුදුහාමුදුරුවන් ඉපැදුනු තැන කොහෙද කියලා හොය හොයා ඉදලා වයසට ගිහිං අනිත් අය වගේම මරනයට පත් වෙනකල් ඉන්නේ නැතුව බුදුන් පෙන්වා දුන් නියම දර්ශනය ප්‍රායෝගිකව කර නිවන් දැක මේ ජීවත්ව සිටින කාලය සියල්ල දැන සතුටින් ගතකරන්නට,කටයුතු කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නේ ඒකයි.

      Delete
    2. බුදුවරු, පසේබුදුවරු, මහරහතන් වහන්සේලා ලොකොත්තරයි, උන්වහන්සේලා මේ ලෝක ධාතුව අල්ලාගෙන බදාගෙන නැහැ. පෘතග්ජන අපි තාමත් උන්වහන්සේලා උපන්නේ ඉන්දියාවේ ලංකාවේ කියා කියා නිකං කාලේ කනවා. සිදුහත් කුමාරයා ලංකාවේ ඇත්තටම ඉපදිලනම් කොච්චර හොදද ඉතින්..

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. "අන්ධයින්ගේ ලෝකයට පෙනීම විකෘතියක්"
    කියල කාල්මර්ක්ස් කියල තියනව :D

    ReplyDelete
  8. මා හට නම් පන්චන ජයසින්හටත්, වල්පොල ගොතමටත් කීමට ඇත්තේ එක කරුණකි, ඔබලා දෙදෙනාගේම ඇත්තේ එකම වෙනසකි, එනම් නිලඇඳුමේ වෙනස පමණකි. අප සැඟවී මිනිසුන්ට දොස් නගන්නේ නැත. යමක අඩුවක් ඇත්නම් එය ඔහු ඉදිරියේ ඍජුව පෙන්වා දෙමි. සසුනේ ඇති දොස් නිරවුල්ව නිර්භයව නිර්ධය ලෙස විවේචනය කරමි. එහි ප්ප්‍රතිපලයක් ලෙස අද මෙරටෙහි විශේෂයෙන් තරුණ ප්‍රජාව අප දේශනා කරන පිරිසිදු සද්ධර්මය තම තමුන්ගේ ප්‍රයෝගික ජීවිතය තුලින් දැක ජීවිතය යහපත් මගට ගෙන ඇත. දැන් මෙම වැඩපිළිවෙල අවු 6ක කාලයක් ඔස්සේ විශාල නුග රුකක් බවට පත් වුවා මිස උපන් ගෙයි මිය ගියේ නැත. නමුත් පන්චන ඔබලා කරපු කෙලි හා නටපු නාඩගම් අප ද බලාසිටියෙමු. එහි කිසිඳු ප්‍රතිපලයක් නොමැත. කිසිවෙක් සිත සුවපත් කරගත්තේද නැත, ධර්මපාල වරු වෙනුවට බිහි වුයේ චන්ශෝඩාකලය. එමනිසා අවබෝධය ගැන කිසිත් නොදන්නා පොත් ගුල්ලෙක් වූ කම්සැප විඳින ඔබට මීට වඩා උපදෙස් දී පලක් නැත. එසේම වල්පොල ගොතම හටද යමක් කීමට ඇත. ඔබ කෙතරම් සැඟවී වෙස් බැන්දද , පඳුරට මුවාවී හු කිව්වද , එළිපිට නැටීමට දවසක් එන බව මතක තබා ගත යුතුය. ඔබ නිතර සැඟව සිට හුතියයි. කිසි දිනක ගැටළුවක් නිරාකරණය කිරීමට මුහුණට මුණ ධර්ම සාකච්චාවකට නොපැමිණෙයි.. මේවන විට v fm ඔස්සේ සැම ඉරු දිනකම රාත්‍රී 7.00 සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින වහ්සේගේ සජීවී දේශනාව මුළු මහත්ල බවුද්ධ ලන්කාවසින්ම ශ්‍රවනය කරයි. ඒ ඉතාම ප්‍රායෝගිකය.. නමුත් ඔබට එවැනි වැඩසටහනක් කිරීමට තරම් ඥානයක් අවබෝධයක් නොමැත. ඔබ පොතට සාධාරණය ඉෂ්ඨ කරයි අප අවබෝධයට හෙවත් බුද්ධවචනයයට සාධාරණය ඉෂ්ට කරයි , එසේ හෙයින් ඉර්ශියා නොකරන්න , සැබෑ බුද්ධ පුත්‍රයෙක් වන්න, අප සමග විවුර්ත සාකච්චාවකට ප්‍රසිද්ධ මාධ්‍යට පැමිණෙන්න. දැන්වත් බේගල් පවසා වයසක උපාසක අම්මලා රැවටීම නවත්තන. ඔබට පමණක් නොව විමාන වත්තුව පෙතවත්තුව නිතර වළඳන ගලිගමුවේ ඥානදීප හටද , දිලාන් පන්චන හටද මේ කෙරෙන විවුර්ත ආරාධනයයි..

    ReplyDelete
    Replies
    1. කෙටියෙන්ම කිව්වොත්..ඕනම ටික ලස්සනට කියල තියනව ඔබ වහන්සේ...ලංකාවේ උපතින් බෙෘද්ධ කෙනෙකුට වඩා යුරෝපයේ බුද්ධාගම ගැන අසාවත් නැති මිනිසුකු ගාව තියන විනය සහ ප්‍රතිපත්ති අපේ රටේ මිනිස්සු ගාව නැහැ..හේතුව බුදු දහම ලෙස අපට සම්ප්‍රදායෙන් උරුම වූ පුහු ඇදහීමක් පමණක් පෙන්වාදීමයි...පාසලෙන් දහම් පාසලෙන් දෙකෙන්ම තවමත් සිදු වන්නෙ ඒකමයි...ප්‍රතිපලය සාම්ප්‍රදායිකව හිතන මැටි මෝලුන් බිහිවීමයි...නිවැරදි බුදුදහම තුල රැකීමට වත් අමුතු දෙයක් නැති ඉතාමත් ප්‍රාෙයා්ගික මාර්ගයකි..ඒ මාර්ගය මා හට පෙන්වාදුන් ඔබවහන්සේලාට මම සදා නමස්කාර කරමි...

      Delete
    2. ඉතින් මුණ ගැහිලා සාකච්ඡා කරන්නකෝ? කමෙන්ට් ලිය ලිය ඉන්නේ නැතුව?

      Delete
    3. වහරක හාමුදුරුවෝ - බුදු හාමුදුරුවෝ උපන් තැන හොයලා වැඩක් නැහැ කියනවානම් අහලා තිබ්බා. මේ වගේ වැරදි මත ගෙනියන්න එපා. නොදැනුවත් කෙනෙක්ට දැනගන්න කියලා අපි ඒ රෙකෝඩින් එක ආයේ පාරක් දැම්මා.
      http://deshana.waharaka.com/listen.php?SermonId=CD042-04

      ඒ වගේම තමයි සමන්තබද්‍ර හාමුදුරුවෝ. උන්වහන්සේ කරන දේශනා ප්‍රඥාවට ගෝචරයි. ඒ දේශනා ඔක්කොම අහන්නේ නැතුව නිගමන වලට යන්න එපා. (කරුණාවෙන්)

      Delete
  9. සුදු ඇංදාට සර්වාංගයම කලු ,හිතේ කුහක කුනු ඇති..උපාසක කියා සිතා සිටින අයට ඉතින් සැබෑ දහම විවරවෙනකොට
    1 දර්මය කියා අදර්මයලියා පොත්පත් ලියා විකුනාගෙන කන්න තියන අවස්තාව නැතිවී යයි
    2 අඩන බහ / හිනාවෙන බහ/ ආතල් බහ /කවි සිංදු බහ සහ තැටි විකිනීමෙන් ලැබෙන
    ආදායම නැතිවෙයි ඒක උහුලාගන්න බැරිව අනාගතයේ බඩ ගෝස්තරේ හොයාගන්නා ක්‍රමයක් නැතිකම ගැන හිතෙන හිතෙන වාරයක් පාසා...
    උන්ටම ගැලපෙන සේ සකස් කරගත් හිස මුඩු කල බුද්දපුත්‍රයන් සේ චීවර අන්දවා වෙස් ගැන්වූ නිගන්ටයන්/ බමුනන් යොදවා සිල්වත් / බන කියනා බුද්ද පුත්‍රයන්ට මෙන්න මෙහෙම අහුමුලුවල මඩ ගසයි...මඩ ගස්සවයි.......
    හා බොරුද?

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. වල්පොල ගෝතම හාන්දුරුවෝ ත්‍රිපිටකය බලල අධ්‍යනය කරා කිව්වට බුදුහාමුදුරුවෝ අධර්මය මිත්‍යාව වපුරපු මිසදුටුවෝ එක්ක මුනට මුණ කථා කරලා තර්ක කරපුව, වාද කරල ඇත්ත නැතත පෙන්වපුවා එහෙම තාමත් අහුවෙලා කියවලා නැහැ වගේ..බුදු හාමුදුරුවෝ නියෝජනය කරන ඔබලාට ඇයි බුදුන්ගේ එවැනි දේවල් ක්‍රියාවට නැගීමට නොහැක්කේ..?.නම් ගම් හෙලිකරල මෙන්න මේ අසවල මෙහමයි අහුවෙන්න එපා කිව්වා කියලා සිංහයෙක් වෙන්න බැහැ හාන්දුරුවනේ .ඔබ ඔය පුන පුනා කියන ධර්මය ඔබට විශ්වාස නම් සිරි සමන්තභද්‍ර හිමි එක්ක මුනට මුණ ප්‍රසිද්ධ මාධ්‍යක් ඔස්සේ සංවාද කරන්න පැමිණෙන්න.එසේ සංවාද කොට ඇත්ත නැත්ත සමාජ ගත කරන්න ඔබ ඉදිරිපත් නොවන්නේ නම් ඔබත් අනුගමනය කරන්නේ අන්‍ය පැවිද්දන්ගේ පලු ගෙවල් වල වළං බිදින නියයයි..ඔබ හෝ ඥාදිප සමග නොවෙයි මෙතෙක් කථා කරන්න කිසිවෙක් නොආවේ.මේ කියන්නේ අවුරුදු 7 ත 8 ක් තිස්සේ මෑත කාලය දිහා විමසිල්ලෙන් බලන් ඉදපු නිසයි. අපි මැරිලා ඉපදුනේ නැහැ ඔබලා ඔය කියන මුසවදයන් වලට එහෙයි කියන්න..මොකද අපි බලන් ඉදිය හැමෝම කථා වුණා, කියන්න ගත්තා සමන්තභද්‍ර හිමියන් දහම සසුන විකුර්ති කරන බව.එහෙත් අවුරුදු 5 ක් පමණ ඉක්මිලත් සමන්තබද්‍රයන් දේශනා කරන දහමෙහි අඩුවක් හෝ බුදුදහම විකුර්ති වීමක් වුයේ ඒ මේ අසවල් තැන කියා කියන්නට අද වින විටත් කිසිම භික්ෂුවක් පැමිණියේ නැහැ..මෙතෙක් අපි දැක්කේ පලු ගෙවල් වල වලන් බිදින ඔවැනි හිස් කථා කියනන් පමණයි..

    ReplyDelete
  12. වල්පොල ගොතම හාමුදුරුවනේ ඔබ වහන්සේ ත්‍රිපිටකය කිහිප වරක් අධ්‍යනය කර ඊටත් එහා ගිය අවබෝධයක් තමා සතුව ඇති බව කියමින් සංඝ බාවයක් ආරුඩ කර තමන්ව එලෙස හුවා දක්වා ගැනීමට උත්සහා කලත් ඔබ සංඝයන් වහන්සේලා සතුවු උතුම් වු ශ්‍රේෂ්ඨ වු උජුපටිපන්න ගුණායත් නින්දා කරනවා.අපහාස කරනවා.ඒ ඔබගේ අසරණකමයි,නොහැකියාවයි.ඔබත් අසත්පුරුෂ ඝනයට අයත් එක් හිස් භික්ෂුවක් ගෝතම..ඥානදීප හාමුදුරුවෝ ගැන ඔබ ඉහලින් වර්ණා කලත් උන්නාන්සෙ දිනක් සිරස මාධ්‍යට පැමින ඔබ වැනිම ක්‍රියාවක් සිදුකලා.එහෙදි සමන්තභද්‍ර හිමියන් සමග ප්‍රසිද්ධියේ සංවාද කර ඇත්ත නැත්ත හෙලි කරන්න කියා සමන්තභද්‍ර හිමියන් විසින්ම උන්වහන්සේට ආරාධනා කලත් එහිදි ඥානදීපයන්, " භික්ෂුවක් සමග සංවාද කිරිමේදි කෙලෙස් ඇවිස්සෙනවා කියමින් උන්වහන්සේ උන්වහන්සේ ශ්‍රමණ ධර්මය නිවේදිකාවක් ඉදිරිපිට කියපාමින් එකී අභියෝගයෙන් පලා ගියෝය..එවැනි බියගුලු හිස් මහනුන් ගැනද ඔබ ඔය වර්ණා කරන්නේ.. එමෙන්ම මේහි නිවේදක තුමාගෙන් ඇසීමට ඇත්තේ ඔබ මාධ්‍ය සදාචාරය ගැන දන්නවාද ..?. මාධ්‍යක් සතු වගකීම ඔබ මාධ්‍ය , සමන්තභද්‍ර හිමියන් හට වාරන දමමින් වල්පොල ගොතම හා මේ එක්ව මේ සිදුකරන්නේ තකට තක වලං බිදිමකි..

    ReplyDelete
  13. වල්පොල ගොතම හාමුදුරුවනේ ඔබ වහන්සේ ත්‍රිපිටකය කිහිප වරක් අධ්‍යනය කර ඊටත් එහා ගිය අවබෝධයක් තමා සතුව ඇති බව කියමින් සංඝ බාවයක් ආරුඩ කර තමන්ව එලෙස හුවා දක්වා ගැනීමට උත්සහා කලත් ඔබ සංඝයන් වහන්සේලා සතුවු උතුම් වු ශ්‍රේෂ්ඨ වු උජුපටිපන්න ගුණායත් නින්දා කරනවා.අපහාස කරනවා.ඒ ඔබගේ අසරණකමයි,නොහැකියාවයි.ඔබත් අසත්පුරුෂ ඝනයට අයත් එක් හිස් භික්ෂුවක් ගෝතම..ඥානදීප හාමුදුරුවෝ ගැන ඔබ ඉහලින් වර්ණා කලත් උන්නාන්සෙ දිනක් සිරස මාධ්‍යට පැමින ඔබ වැනිම ක්‍රියාවක් සිදුකලා.එහෙදි සමන්තභද්‍ර හිමියන් සමග ප්‍රසිද්ධියේ සංවාද කර ඇත්ත නැත්ත හෙලි කරන්න කියා සමන්තභද්‍ර හිමියන් විසින්ම උන්වහන්සේට ආරාධනා කලත් එහිදි ඥානදීපයන්, " භික්ෂුවක් සමග සංවාද කිරිමේදි කෙලෙස් ඇවිස්සෙනවා කියමින් උන්වහන්සේ උන්වහන්සේ ශ්‍රමණ ධර්මය නිවේදිකාවක් ඉදිරිපිට කියපාමින් එකී අභියෝගයෙන් පලා ගියෝය..එවැනි බියගුලු හිස් මහනුන් ගැනද ඔබ ඔය වර්ණා කරන්නේ.. එමෙන්ම මේහි නිවේදක තුමාගෙන් ඇසීමට ඇත්තේ ඔබ මාධ්‍ය සදාචාරය ගැන දන්නවාද ..?. මාධ්‍යක් සතු වගකීම ඔබ මාධ්‍ය , සමන්තභද්‍ර හිමියන් හට වාරන දමමින් වල්පොල ගොතම හා මේ එක්ව මේ සිදුකරන්නේ තකට තක වලං බිදිමකි..

    ReplyDelete
  14. //"මීවන පලානේ නඩය ඔය කියන ආකාරයට ධර්ම වචන වලට තමන්ට හිතෙන අර්ථ කියනවා. ඒක ඇත්ත

    නමුත් සමන්තබද්ර ස්වාමීන්වහන්සේ එසේ ධර්ම විකෘතියක් කරීමක් කරන්නේ නැත. උන්වහන්සේ එසේ ධර්ම විකෘතික් සිදුවෙකරනවානං විකෘති කරපු ධර්ම පාඨයත්, එය විකෘතියක් ලෙස ඔබලා හැඳින්වීමට හේතුවත්, එහි නිවැරදි එකත් ඔබලාගේ ඥානයෙන් ඉදිරිපතක් කිරීමට කන්ඩනය කිරීමට හැකියාව තිබිය යුතුය. එසේනොමැතිව ඊරිසියාව හෝ කුහකත්වය මුල්කරගෙන තනියෙන් පාලුගෙයි වලං බිඳීමෙන් කාටවත් වැඩක්වන්නේ නැත.//"

    ReplyDelete
    Replies
    1. සමන්තබද්ර ස්වාමීන්වහන්සේගේ ධර්ම විකෘතිය
      http://www.trekmentor.com/si/content/sanga/937

      Delete
  15. කාසි වල හඬද නෝට්ටු වල නිහඬ තාවයද ලෝක ධර්මතාවයකි. තම හිත මිතුරු නාලිකාවේ රඟන එනම් බහ දේශනා කරණ ත්‍රිපිටකධාරී මහා වියත් දේශකයානන්ගේ දේශනයේ මත භේදයට තුඩු දෙන වදන් කිහිපයක් පහතින් දක්වමු. එනම්, රහතන් වහන්සේලා, අපිට තමයි අවබෝධය තියෙන්නෙ, අධර්මධර පිරිසගෙ ඉන්නව ගෝලබාලයො, බුද්ධං සරණං ගච්ඡාමි, හොයා ගත්තු මගට එහා එකක් හම්බුණොත් මම යි බුද්ධ” ආදියයි. රහ බලන්නේ රහතුන්ය. අවබෝධ යන්නෙහි අව යනු ඉතා බාල පහත් යන්නය. අධර්මධර .....යනුවෙන් පවසමින් තමන්ගේ මිම්මෙන් සියලු ජනයා මැන අවසන් කොට ඇතත් එය ගැටළු සහගතය. සම්මතය අනුව කීවත් නිවැරදිම වාක්‍ය වන්නේ “ගච්ඡාමි සරණං බුද්ධං” ය. අප බුදුන්වහන්සේ භව උදුරා දමා අවසන්ය, එහෙයින් හොයාගත්තු මඟට එහා වෙනත් එකක් නැත යන්න පැවසීම අර්ථ ශුන්‍යයකි.
    1- අප බුදුරජානන්වහන්සේද අවුරුදු 29 ක් තුටින් සුවෙන් ගිහි ගෙදර ගතකොට මහණ දිවියට ඇතුල් වූ කෙනෙක් බව බොහෝ දෙනෙකුට අමතකය . එහෙත් බොහෝ පුද්ගලයින් චීවරය දරාගෙන පන්සල තුල කරනා ගිහි ගෙදර කරුණු ගැන නිහඬය.
    2- මේ හෙළ බිම තුල ඇති කියවූ නොකියවූ බොහෝ සෙල් ලිපි වල අප බුදුන්වහන්සේ හෙළ බිම ඉපිද, බුදුවී, පිරි නිවුණු බවට ඉතා වැදගත් සාක්‍ෂි වලින් තහවුරුව ඇත. ආටානාටිය සුත්‍රයේ මේ හෙළදිව පාලකයින් ගැන හොඳ දීර්ඝ විස්තරයක් ඇත. “දඹදිව” වූ කලි අපගේ මේ පුණ්‍ය දිවයින බවට ක්‍රි.ව.1087දි ලියු පනාකඩුව තඹ සන්නසින් හා Ceylon and the Cengalese නම් ග්‍රන්ථයේ 302 අංකය යටතේ ලියා ඇති ජේදයෙන් හා බොහෝ ඓතිහාසික ග්‍රන්ථ වල සඳහන් කරුණු වලින් මොනවට සක්සුදක්සේ පැහැදිලිය.
    3- රැල්ලේ පිහිටෙන් ‘වේධී හා පති’ සහතික ගෙන අධ්‍යයනය පමණක් කළ, දැක්මක් නොමැති උතුම් මාගධී භාෂාව ගැන කිසිවක්ම නොදන්නා පෙල සහ හෙළ පටලවාගත් පුද්ගලයින් , “සං “ හි පරිසමාප්ත අර්ථය පසක් නොකිරීම ගැන අප මවිත නොවෙමු.

    4- භික්ෂු චීවරයේ නියම වර්ණයවත් නොදන්නා පුද්ගලයින්ගෙන් විමසන්නේ කුමන වූ ධර්ම කරුණු ද? නිති සිව්පසය පවත්වා ගැනීම සඳහාත් , රා.නො.ස හා විවිධ ආයතන හරහා ආධාර -මුදල් ගණුදෙනු කිරීම වැනි නොකළ යුතු දෑ කිරීම සඳහාත් , රූපලාවන්‍ය අධාරයෙන් හා කර්ණ රසායනය සජ්ජායනා කරමින් නාලිකාවල තරුවන් වීම සඳහාත් තම පැවැත්ම ස්ථිර කර ගැනීම සඳහාත් සිල්වත් වූ ආර්යයන් වහන්සේලා විවේචනය නො කටයුතු දෑය.
    5- මේ සුවිශේෂ සිද්ධියේදී දැඩි ලෙස විවේචනයට ලක්වූ, මෑත කාලය වනතුරුම වසර දහස් ගණනක කාලයක් තිස්සේ වැසි වැළලී යටපත්ව පැවති පෙර නො ඇසු විරු පරම දුර්ලභ අති ගාම්භීර බුද්ධ දේශනාව , සිරි සද් ධර්මය මගින් පරම සත්‍යය පෙන්වා දුන් අප බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' සිව් පිළිසිඹියාපත් අරහතුන් වහන්සේ' ගැන අසා ඇති කරුණු පැවසීම සද්ධස්ස කුල පුත්‍රයින්ගේ වගකීම නොපිරි හෙලා ඉටු කිරීමකි. සංක්ෂිප්ත වශයෙන් , පේරාදෙණිය සරසවියෙන් පටන් ගෙන ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල්වල ප්‍රධාන පෙලේ සරසවි වලින් ආචාර්ය උපාධි දක්වා උගෙන රජයේ අමාත්‍යංශ අධ්‍යක්ෂ ධුර දරා විශ්‍රාම ගැනීමෙන් පසුව පැවිදි දිවියට ඇතුලත් වී ඇත. අනතුරුව ජාති සෝතාපන්න අප තෙරුන් වහන්සේ පරම පවිත්‍ර සිරි සද් ධර්මයේ ඇසුරෙන් සිව් පිළිසිඹියාපත් අරහත් තත්වයට පත්ව පරම පවිත්‍ර සිරි සද් ධර්මය දේශනා කරමින් දැනට මීරිගම පරම නිබ්බාන ආයතනයේ ආනාපාන සති සමාධි සුවයෙන් කල් ගත කරති.

    ආර්යෝපවාදය කෙසේ වුවත් සංඝ භේදය ආනන්තරික අකුසලයකි. නොවැරදීම අපාගත වේ. කරුණු එසේ හෙයින් අප සිව් පිළිසිඹියාපත් අරහතුන් වහන්සේ ගෙන් සමාව ගෙන, පරතෝගෝෂක ප්‍රත්‍යය ලබාගෙන, චත්තාරෝ ඨානානි ස්ථාන හතර වැඳ පුදා ගෙන බුද්ධ ශක්තියට අනුගත වී පරම පවිත්‍ර සිරි සද්ධර්මය අනුව යමින් චතුරාර්‍ය සත්‍යය පසක් කොට ගෙන සෝතාපන්න ඵලය සාක්ෂාත් කර ගැනීමට උත්සහ කළ යුත්තේමය.

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න ඇඳගෙන බව පෙනෙනවා. අපරාදේ.

      Delete
    2. ඒ උනාට මීමනපලානේ හාමුදුරුවන්ට ගොඩාක් තරහා යනවනේ.. මුහුණෙත් කිසිම ප්‍රසන්න භාවයක් නැහැනේ. තරහෙන් පිපිරෙනවා උන්වහන්සේගේ මතයට පටහැනි දෙයක් ඇහුවොත්, කිව්වොත්. ඇයි ඉතින් එහෙම වෙන්නේ. අනේ නොදන්නකමට අහන්නේ

      Delete
  16. සමන්ත භද්‍ර කියන්නේ මානසික ලෙඩෙක් තර්කයෙන් ධර්මය දකින්න බෑ...

    ReplyDelete
  17. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි
    http://www.trekmentor.com/si/content/sanga/539

    ReplyDelete
  18. Two steps in realizing even Marxist doctrine let alone Buddhism. 1.What has been told or brought forward from past 'Knowledge' 2.Making it 'oneself's own or 'my' own. Making it my own is the ultimate realization (santhittiko' 'ehi passiko' pachchathaang wedithabbo) Both are needed at one time. If one cant 'see through' what one has learnt it is useless. It is like some Marxists still discussing why Industrial Revolution occur in Britain or Sri Lanka. They go by the book alone.

    ReplyDelete
  19. Two steps in realizing even Marxist doctrine let alone Buddhism. 1.What has been told or brought forward from past 'Knowledge' 2.Making it 'oneself's own or 'my' own. Making it my own is the ultimate realization (santhittiko' 'ehi passiko' pachchathaang wedithabbo) Both are needed at one time. If one cant 'see through' what one has learnt it is useless. It is like some Marxists still discussing why Industrial Revolution occur in Britain or Sri Lanka. They go by the book alone.

    ReplyDelete
  20. තිත්ත උනත් ඇත්ත මේක
    https://www.facebook.com/arya.mithuro/posts/1805387446372552

    ReplyDelete
  21. පින්වත් ගිහි පිරිසගෙන් බොහෝම කරුණාවෙන් ඉල්ලා සිටිමි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන විවේචනය කිරීමට හෝ මේ ආකාරයට උපවාද කිරීමට ගිහි අපට සුදුසු නොවේ. ඔබලා සැබැවින්ම තථාගත ධර්මය අසා ඇත්නම් මේ විදිහට ආර්ය උපවාද කරන්නේ නැත. වහාම මේ අපාගතවන පාප කර්මය නවත්වන්න.බල්ලෙක්ටවත් නිගා කරන්න එපා... මොකද ඒකෙන් ගිනි අපායේ දොරටුව ඇරෙන්නේ ඔබටමයි. තමන්ට රාග ද්වේශ මෝහ ප්‍රහාණය කරන දහමක් දේශනා කරන උත්තමයන් වහන්සේ නමකගේ දේශනා අසා ඒ කටයුත්ත නිහඬව කරගන්න.උන්වහන්සේලාගේ මත ගැටුම් වල ගිහි ඔබ පැටලිලා මහා අපාගතවන කර්ම කරගන්න එපා.

    ReplyDelete
    Replies
    1. ආර්ය උපවාද යනු කුමක් ද? එයින් අකුසලයක් වන ආකාරය පැහැඩිලි කර දෙන්න පුලුවන් ද ?

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. budun wahanse deshana kala kaalama suthrayath, niwaradi dahama soyaganna aakaraya sandahan sathara mahaapadesath,suthrayata bahaa balaa vinayata sasanda balaa dharmayata galapenawaanam eaya buddha dharmayayi.eyayi buddha deshanaawa.enisa oba siyaluma swameen wahansela deshanaa karana daham asanna.obama obata sudusu dharmaya thoragatha yuthuyi.
    maa wiswaasa karanne eyayi.
    www.waharaka.com wetha piwisa un wahansege dahamath asanna.obata eya nogalape yayi sithe nam ivatha lanna.awasaanaye api sawoma prarthanaa karanne niwanayi.
    yamekuge sitha ridunanam kamaa wethwaa.
    theruwan saranayi.

    ReplyDelete
  24. සිදුහත් කුමාරයා ලංකාවෙ ඉපදුනා කියන මේ අලුත් මතය ඇත්තෙන්ම මටත් විශාල පුදුමයක්. නමුත් මේ අලුත් මතය ඉදිරිපත් කරන කාටවත් මම අද වෙනතුරු කිසිම ආකාරයකින්වත් අපහාසයක් පහත හෙලීමක් කරල නැහැ. ඊට හේතුව මම මෙම කරණය පිලිබඳ සත්‍යතාවයක් තියෙනවද කියල හරියට නොදන්නා නිසා. නමුත් ඒ වගේම මෙම කරණය මම එකහෙලා විශ්වාස කරන්නෙත් නැහැ. එයට හේතුව මම මෙම කරණය පිළිබඳව තවමත් අද්‍යයනයේ යෙදෙමින් සිටින නිසා. ඒ නිසා දෙපැත්තටම ඇහුම්කන් දෙමින් සිටිනවා. කව්රුහරි කෙනෙක් ඉන්නවනම් මීවනපලානේ සිරි ධම්මාලංකාර හාමුදුරුවන්ගේ මතය ඉතා හොඳින් තේරුම් ගත්ත කෙනෙක් ඒ වගේම විශ්වාස කරන කෙනෙක්, මගේ එක ප්‍රශ්නයකට කරුණාවෙන් පිළිතුරු දෙන්න. උන්වහන්සේ ගෙනහැර දක්වල තියෙනව "චට්ඨාරෝ තාණනි " කියන බුදු වදනට අනුව බුදුන් උපන් ස්ථානය, බුදු වූ ස්ථානය ,පළමු ධර්ම සංගායනාව කල ස්ථානය, සහ පිරිනිවන් පෑ ස්ථානය යන මේ උතුම් ස්ථාන 4 "එක රේඛාවක පිහිටිය යුතුය" යන මතය. මම මෙම මහා පරිනිබ්බාන සුත්‍රය පරීක්ෂාවෙන් කියවුවත් මට ඒ කියන "එක රේඛාවක පිහිටිය යුතුය" යන තැන සොයාගන්න බැරිවුනා. කාටහරි පුලුවන්නම් ඒක මට පෙන්වා දෙන්න. මහා පරිනිබ්බාන සුත්‍රයේ පිටපතක් මේ සමග දමන්නම්..

    ReplyDelete
    Replies
    1. මීවනපලානේ හිමියන් සේම වහරක අභයරත්නාලංකාර හිමියන්ද බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ බව පවසයි. දැනගත්තේ සමාපත්ති බලයෙන් බවත් දෙදෙනාම පවසයි. නමුත් කරණු පරස්පරයි.

      උදා: බුදු වූ ස්ථානය - මීවනපලානේ හිමි = හිරිවඩුන්න, වහරක හිමි = අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය

      සමාපත්ති බලයෙන් නිවැරදි දේ දැන ගත්තා නම් ස්ථාන වෙනස් උනේ කොහොමද?

      අප විශ්වාස කල යුත්තේ කවුරුද?

      Delete
    2. http://deshana.waharaka.com/listen.php?SermonId=CD042-04

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. http://pitaka.lk/

    Suththa Pitaka.....Dheega Nikaya....Mahavaggapali....Mahaparinibbanasuthra......Chathusanvejaneeyatthanani.....

    ReplyDelete
  27. මෙම මීවනපලානේ සිරි ධම්මාලංකාර හාමුදුරුවන්ගේ ධර්ම පැහැදිලි කිරීම් විකෘති ඒවා යැයි මට නම් හැඟෙන්නේ නැත ? ගිහි කාලයේ සියල්ල කර පැමිණි අයෙක් යැයි එම මීවනපලානේ සිරි ධම්මාලංකාර හාමුදුරුවන්ට මෙම ස්වාමන් වහන්සේ අවමන් කලද කල යුත්තේ එවන් විකෘති කිරීම් ධර්මානුකූලව අපට පෙන්වා දීම මිස මෙසේ පුහු අවමන් කිරීම නොවේ ? බුදුන් උපන්නේ කොහේද යන්න නම් මා හට වැදගත් නොවනා අතර මීවනපලානේ සිරි ධම්මාලංකාර හාමුදුරුවන් කිසිවකුටත් අවමන් කරනු මා තවමත් අසා නැත්තෙමි ? එසේනම් එමිහි ගේ හා මෙහිමිගේ ධර්මය එතැනින්ම පැහැදිලි වන බවයි මගේ හැඟීම .

    ReplyDelete
    Replies
    1. ඔබට හැකි නම් කරුණාකර මගේ ඉහත ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් සපයන්න. ස්තුතියි ..

      Delete
    2. බුදුරජානන්වනසේට අවමන් කරපුවාම තව කාටවත්ම අවමන් කරන්න ඕනේද? ධර්මය දේශනා කරේ බුදුරජාණන්වහන්සේ.

      Delete
  28. මීවනපලානේ හිමියන් සේම වහරක අභයරත්නාලංකාර හිමියන්ද බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ බව පවසයි. දැනගත්තේ සමාපත්ති බලයෙන් බවත් දෙදෙනාම පවසයි. නමුත් කරණු පරස්පරයි.

    උදා: බුදු වූ ස්ථානය - මීවනපලානේ හිමි = හිරිවඩුන්න, වහරක හිමි = අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය

    සමාපත්ති බලයෙන් නිවැරදි දේ දැන ගත්තා නම් ස්ථාන වෙනස් උනේ කොහොමද?

    අප විශ්වාස කල යුත්තේ කවුරුද?

    ReplyDelete
    Replies
    1. වහරක හාමුදුරුවෝ - බුදු හාමුදුරුවෝ උපන් තැන හොයලා වැඩක් නැහැ කියනවානම් අහලා තිබ්බා. මේ වගේ වැරදි මත ගෙනියන්න එපා. නොදැනුවත් කෙනෙක්ට දැනගන්න කියලා අපි ඒ රෙකෝඩින් එක ආයේ පාරක් දැම්මා.
      http://deshana.waharaka.com/listen.php?SermonId=CD042-04

      ඒ වගේම තමයි සමන්තබද්‍ර හාමුදුරුවෝ. උන්වහන්සේ කරන දේශනා ප්‍රඥාවට ගෝචරයි. ඒ දේශනා ඔක්කොම අහන්නේ නැතුව නිගමන වලට යන්න එපා. (කරුණාවෙන්)

      Delete
  29. ඔබගේ පැනයට පිළිතුරු දිය නොහැකි වුවත් ඔබගේ මතයට එකඟ වෙමි. බුදු රජාණන් වහන්සේ, කොහේ ඉපදුනදැයි කීමට අපට නොහැකිය. මන්ද සැබවින්ම, උන් වහන්සේලා දෙනමම යම් සමාපත්තියකින් එය දිටී නම් ,එබඳු සමපත්තියක් අපට නැති බැවිනි. බුදුන් වහන්සේ,කොහේ ඉපදුනද එය අපගේ ධර්මාවබෝධයට සම්බන්දයක් ඇතැයි නොහැඟේ. මන්ද බුදුරජාණන් වහනසේ ජීවත්ව සිටියදීම,උන්වහන්සේ නොදැකත් බණ අසා සෝවාන් වූ අය සිටි බැවිනි. (බුදු රජාණන් වහන්සේ ජීවත්ව සිටියදී ස්ථාන සතරම නොතිබිණ). අපහට කිරීමට ඇති ප්‍රධානම දෙය නම්, නිවැරදි ධර්මය තෝරා එය අවබෝධ කරගැනීමයි.
    තමුන්ට පිරික්සා බල නිවැරදි යයි සැක නැතුව දරාගත හැකි ධර්මයක් වේ නම් එය අවබෝධ කරගැනීමට උත්සහ කිරීම මට හැඟෙන ලෙස ප්‍රයෝජනවත්ම දෙයයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. නමුත් ප්‍රශ්නය මේකයි.

      ඔය විදිහට පරස්පරතා තියෙනව නම්, එවැනිම සමාපත්ති බලයකින් සොයාගත්තේ යයි කියන (සැඟවී තිබී සොයා ගත්තේ යයි කියන ) ධර්ම කරණු වල සත්‍යතාවය ගැන අපි විශ්වාසය තියන්නේ කොහොමද?

      Delete
  30. Mind your own business "Walpora"....
    වල්පොල ගොතම හාමුදුරුවනේ ඔබ වහන්සේ ත්‍රිපිටකය කිහිප වරක් අධ්‍යනය කර ඊටත් එහා ගිය අවබෝධයක් තමා සතුව ඇති බව කියමින් සංඝ බාවයක් ආරුඩ කර තමන්ව එලෙස හුවා දක්වා ගැනීමට උත්සහා කලත් ඔබ සංඝයන් වහන්සේලා සතුවු උතුම් වු ශ්‍රේෂ්ඨ වු උජුපටිපන්න ගුණායත් නින්දා කරනවා.අපහාස කරනවා.ඒ ඔබගේ අසරණකමයි,නොහැකියාවයි.ඔබත් අසත්පුරුෂ ඝනයට අයත් එක් හිස් භික්ෂුවක් ගෝතම..ඥානදීප හාමුදුරුවෝ ගැන ඔබ ඉහලින් වර්ණා කලත් උන්නාන්සෙ දිනක් සිරස මාධ්‍යට පැමින ඔබ වැනිම ක්‍රියාවක් සිදුකලා.එහෙදි සමන්තභද්‍ර හිමියන් සමග ප්‍රසිද්ධියේ සංවාද කර ඇත්ත නැත්ත හෙලි කරන්න කියා සමන්තභද්‍ර හිමියන් විසින්ම උන්වහන්සේට ආරාධනා කලත් එහිදි ඥානදීපයන්, " භික්ෂුවක් සමග සංවාද කිරිමේදි කෙලෙස් ඇවිස්සෙනවා කියමින් උන්වහන්සේ උන්වහන්සේ ශ්‍රමණ ධර්මය නිවේදිකාවක් ඉදිරිපිට කියපාමින් එකී අභියෝගයෙන් පලා ගියෝය..එවැනි බියගුලු හිස් මහනුන් ගැනද ඔබ ඔය වර්ණා කරන්නේ.. එමෙන්ම මේහි නිවේදක තුමාගෙන් ඇසීමට ඇත්තේ ඔබ මාධ්‍ය සදාචාරය ගැන දන්නවාද ..?. මාධ්‍යක් සතු වගකීම ඔබ මාධ්‍ය , සමන්තභද්‍ර හිමියන් හට වාරන දමමින් වල්පොල ගොතම හා මේ එක්ව මේ සිදුකරන්නේ තකට තක වලං බිදිමකි..

    ReplyDelete
  31. ඕක ඔබ වහන්සේගෙ මතය තමයි ඉතිං
    "බුද්ධකාලයෙත් ධර්මයට අමතර ව අධර්මය ප්‍රචාරය කරපු අය හිටිය. ඉතිං... අදත් ඉන්නව පිරිසක්" ඇත්ත තමයි ඒත් ඒපිරිස තමයි අද සාසේ වනසල තියෙන්නෙ..

    ReplyDelete
  32. ගවුරවණිය මීවන පාලනේ සිරිදම්මලංකාර සවමින්වහන්සේ දේශනාකරණ සියලුම කරුණු ත්‍රිපිටකය ආශ්‍රයෙන් දර්මයට බහා සලක බැලිය හැකි ඒවාය. යම් කෙනෙකු එම විග්‍රහයන් බොරුයයි පවසන්නේනම් ඒ වැරදි තැන ප්‍රසිද්දියේ පොත පතකින් හෝ දේශනාවලින් බවුද්ධයින්ට පෙන්වා දෙන්න. එහෙම නැතිව ඒවා නිකම්ම බොරුයයි කී පමණින් පිළිගැනීමට බවුද්ධයන් සුදානම් නැත. උන් වහන්සේ දේශනාකරන කරුණු කාරණා මොහොතක හුදෙකලවී විශ්ලේෂණය කර බලන ලෙස දම්ම ලදී සැමගෙන් අයදිමි.

    ReplyDelete
    Replies
    1. උච්චාසයනා හා මහාසයනා යනු උද්ධච්චකමයි මහන්තත්ව කමයි කියලා මීවනපලානේ හාමුදුරුවෝ කියනවා.ඇත්තද Dr.ලෙඩ්ඩු පව් අනේ.

      Delete
    2. http://www.trekmentor.com/si/content/sanga/539

      Please refer the above link for point by point (word by word) analysis and criticism against some statement of Ven. Meewana Palane Seridhammalankara Thera on Kamal Wickramanayaka.

      Please refer the bellow site to for getting the better understanding about the Thripitaka Dharmaya and it's understanding of Venerable Sangha and other speakers.

      https://senasuma.wordpress.com/

      Delete
  33. වහරක හාමුදුරුවෝ - බුදු හාමුදුරුවෝ උපන් තැන හොයලා වැඩක් නැහැ කියනවානම් අහලා තිබ්බා. මේ වගේ වැරදි මත ගෙනියන්න එපා. නොදැනුවත් කෙනෙක්ට දැනගන්න කියලා අපි ඒ රෙකෝඩින් එක ආයේ පාරක් දැම්මා.
    http://deshana.waharaka.com/listen.php?SermonId=CD042-04

    ඒ වගේම තමයි සමන්තබද්‍ර හාමුදුරුවෝ. උන්වහන්සේ කරන දේශනා ප්‍රඥාවට ගෝචරයි. ඒ දේශනා ඔක්කොම අහන්නේ නැතුව නිගමන වලට යන්න එපා. (කරුණාවෙන්)

    ReplyDelete
  34. හැමෝටම කියන්නේ පිස්සන් කියා කෙටසක් සිටිය යුතුයි.මන්ද එසේ නොවුනහොත් පිස්සු නැති මිනිසුන් වෙන්කර හඳුනාගත නොහැකි වන නිසා.තවෙකෙක් සිටින්නේ මින් කුමන කොටසේ ද කියා නොව ඔබ සිටිනුයේ මින් කචර කොටසේ ද කියා විමසා බලන්න.

    ReplyDelete
  35. For the time being forget about where the Loard Budhdha was born.
    First read the dhamma books (not about where He was born) and watch dhamma video (again not about the history) that you find here and then decided.
    http://www.sirisaddharmaya.net/

    ReplyDelete
  36. For the time being forget about where the Loard Budhdha was born.
    First read the dhamma books (not about where He was born) and watch dhamma video (again not about the history) that you find here and then decided.
    http://www.sirisaddharmaya.net/

    ReplyDelete
  37. ada bala wu samanthrabadra hora rahatha party damamin dalada samidun wehera bodhi adi wasthuntath nigraha karamin amu pissuwak natanawa.moda harak meke inne igena gaththath me modayanta ahuwena.waharaka miwanapalane yana gon harak da dan na gena awasanayi.

    ReplyDelete
  38. Our brains need to know the truth. Government should start research to find truth. We have freedom to speak. Others should keep quite without making conflicts....

    ReplyDelete
  39. පෘථිවි ය හතරැස් කියල හිතපු කාලේ, පෘථිවි ය රවුමි කියපු, පලමු කිප දෙනාට මාර බාධක ආවා එම නිසා, කිසිම නිගමනයකට හදිසි වෙන්න එපා
    හිත දියිණු කරගන්න, අවුරුදු 2600 ආපස්සට ගිහින් බලන්න, ඉබෙම පුශ්නය විසදෙයි.

    ReplyDelete